හදුනා නොගත් පියාබන වස්තු දර්ශනය වීමේ ඉතිහාසය
ප්‍රවාද සහ ඓතිහාසික පුරා වෘත්ත ගැන සලක බැලු විට මෙවැනි වස්තු දර්ශනය විඉමේ සංසිද්දී වලට ඇත්තේ දීර්ග ඉතිහාසයක් බව පෙනේ . ඒ අතරින් පහත සදහන් කරුණු පිළිබද අපගේ අවදානය යොමු කිරීමෙන් එහි ඇති සත්‍යතාව පැහැදිලි වේ .
ඉපැරණි රෝම ලේකනයක් වන 'එස්කිල් ග්‍රන්ථය ' (Book Of Ezeleil) හි අහසේ පාවී ගිය කරාත්ත රෝදයක් තුල වූ තවත් රෝදයක් ගැන විස්තර කර ඇත .
- ක්‍රිස්තු පුර්ව 329 දී මහා ඇලෙක්සැන්ඩර් අදිරාජයා (Alexander The Great) ගේ සෙබළුන් විසින් අහසේ පාවී ගිය රිදී පැහැති පලිහ දෙකක් නිරීක්ෂණය කරන ලද බව සදහන් වේ.
- ලතින් ඇමරිකානු ශිෂ්ටාචාරයක් වූ 'ඉන්කාවරුන් '(Incas) විසින් නිපදවන ලද පිගන් භාණ්ඩ අතර පියාබන පීරිසි හා පාරබෞමික පිළි රූ දක්නට ඇත.
පිරු දේශයේ වසර 2000 ක් තරම් පැරණි ශිෂ්ටාචාරයකට අයත් වූ 'ඉකා'පාෂාණ (Ica Stone) වල ඇදි සිතුවම්වල ද මෙවැනි ගිප්ත යානා ඇත.
ඉන්කා පිගන් මැටි භාණ්ඩ - පිරු රටෙහි පවතී ආදී ශිෂ්ටාචාරයක් හා සබැදි,කාන්තාර භූමියක ඇද ඇති වසර දහස් ගණනක් පැරණි සුප්‍රකට 'නස්කා රේඛා'(Nazca Lines) නමින් හැදින් වෙන විශ්මය ජනක රූ සටහන් අතරද ' ආදී අජටාකාෂගාමියෙකු '(Ancient Astronaut) හා පිටසක්වල ජීවීන්ගේ යි සැලකෙන සටහන් රැසක් ඇත .
![]() |
| නස්කා රේඛාකිහිපයක්,අභ්‍යාවකාශ යානා ධාවන පත |
මෑත ඉතිහාසය දෙස බලන විට මෙවැනි ගුප්ත වස්තුන් දර්ශනය වීම ද වසර 800 ක පමණ අතීතයට දිවෙයි.පහත දැක්වෙන විස්තර මේ සදහා ඇති ප්‍රබලම සාක්ෂි සේ පෙන්වා දිය හැක.
- ක්‍රිස්තුවර්ෂ 1235 දී ජපානයේ 'ඔරිට්සුමි (Oritsumi)හමුදා සේනාංකයේ සෙබළුන්ට අහස්කුස පාවෙමින් තිබුන අත්භූත වස්තුවක් දර්ශනය වූ බව වාර්තා වල සදහන් වෙයි.
- යුගොස්ලෝවකියාවේ කොසොවෝ ප්‍රාන්තයේ 'වොසොකි ඩේකානි' දේවස්ථානයේ (Vosoki decani monastery)අල්තාරයට උඩින් ඇඳ ඇති පහත දැක්වෙන සිතුවම් හදුනා නොගත් පියාබන වස්තු සදහා වූ කදිම නිදසුනකි. මෙම රූ සටහන් අද ඇත්තේ ක්‍රි.ව 1350 දිය.
![]() |
| 'වොසොකි ඩේකානි ' අල්තාරයට ඉහලින් අඳි ඇති රුප |
කැමති නම් Comment එකක් දමා යන්න අමතක කරන්න එපා....


No comments:
Post a Comment