Saturday, October 26, 2013

සදගාමින් දුටු පියාබන පිරිස

          ඓතිහාසික මුලාශ්‍ර,ජනප්‍රවාද මෙන්ම ඇතැම් දාර්ශනික මතවාදයන් අනුවද චන්ද්‍රයා පෘතුවියේ ස්වාභාවික උප ග්‍රහයෙක් නොව පාරබෞමිකයන් කොට්ටාශයක් විසින් කෘතිමව නිර්මාණය කරනු ලැබූ වස්තුවක්ය, යන මතය ඇත අතීතයේ පවතී සංස්කෘතීන් තුල මුල බැසගෙන තුබූ මතයකි.එහිදී සද මත ජීවත්වන පරබෞමිකයන් අතර සිදු වූ ඇති බිහිසුණු යුද්දයන් පිළිබදවද ඇතැම් මුලාශ්‍ර වල සදහන් වේ .එහෙත් වර්තමාන සමාජයේ බහුතරය විසින් එවැනි කතා හුදු මිත්‍යා විශ්වාසයන් සේ සලකන බව අපි දනිමු.එසේ උවත් ඇපලෝ අබ්යවකාශ වැඩසටහන මගින් හෙළිදරව් කැරගෙන ඇති ඇතැම් කරුණු ගැන මද්‍යසත විග්‍රහයක් කරන්නෙකුට සදෙහි බෞතික ස්වබාවය පමණක් නොව එහි සම්බවය හා පැවැත්මද වත්මනෙහි එහි ඇති සැලකෙන ජනාවාස පිළිබදව මතුවී ඇති ගැටලු වලට නිසි පිළිතුරක් සැපයීම සදහා විද්‍යාත්මක ලෝකයේ දැනට ඇති අර්ථකතන හා පැහැදිලි කිරීම් බොහොමයක්ම සම්පුර්ණ ඒවා බව පෙන්වා දිය හැකිය.         

            එපමණක් ද නොව ඉහත සදහන් කර ඇති අන්දමට චන්ද්‍රයා යනු කෘතීම වස්තුවක්ය ,යන්න පිළිගැනීමට තරම් විද්‍යාත්මක සාදක ද අවශ්‍ය තරම් ඈති බව ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනු ලබා ඇත.එසේම දැනට සද අවට සැරිසරන අත්බුත යාන රැසක් ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.උක්ත කාරණයේදී සද තරඟයට සහබාගි වූ ගගනගාමීන් සහ පාලක මැදිරිය පවතී සංවාදවලින් බොහෝ සාක්ෂි හමුවන බව මෙම මතය ඉදිරිපත්කරන තාරකා  විද්‍යාඥයෝ පෙන්වා දෙති.ඒ සදහා සැපයෙන එක ප්‍රබල සාක්ෂියක් වන්නේ ගගනගාමී නීල්ආම්ස්ට්‍රෝං හා නාසා පාලක මැදිරිය අතර වූ සංවාදයක දැක්වෙන අන්දමට ඔහු විසින් සද මත වූ එක්තරා අත්භූත ජනක එලි .(strange light) ගැන කරන ලද සඳහන්ය.

             ලොව පුරා සජීවී ලෙස විකාශය වෙමින් තිබු මෙම වැඩසටහන එම විකෂයන සමග විසඳි වී ඇත.ඉන් අනතුරුව ඔවුන් අතර සබදතාවය එක්තරා 'රහස් නාලිකාවක්'(secure channel) ඔස්සේ විකාශය විය. එහෙත් ඇතැම් පුද්ගලයන් එම නාලිකාවටද සවන් දී ඇති අතර එහිදී ප්‍රකාශ වී ඇත්තේ සද මටහුපිට වූ එක ආවාටයක් අසල ආගන්තුක අබ්යවකාශ යානාවක් දක්නටා ලැබෙන බවකි. එසේම එවකට ' නාසා සන්නිවේදන පද්දතියේ ප්‍රදනියාව සිටි (Maurice Chatalain) ඊට අව්රුදූ 10කට පසුව නීල් ආම්ස්ට්‍රෝං එවැනි අත්භූත වස්තුවක් ගැන පැවසු බව සනාථ කර ඇත.ඒ ගැන තව දුරටත් තව දුරටත් අදහස් දක්වන ෂටලියන් මෙසේද පවසයි.
  
           එපමණක් ද නොව එවකට නාසා ආයතනයේ අද්යක්ෂකවරයෙකු සහ හුස්ටන් පාලක මැදිරියේ සේවයේ නියුතුව සිටි ක්‍රිස්ටෝපර් ක්රෝෆ්ට් (Kristopher Kraft) සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඉහත කි අවස්ථාවේදී ආම්ස්ට්‍රෝං ,ඔල්ඩින් සහ පාලක මැදිරිය අතර සිදු වූ සංවාදය ගැන අනාවරණය කරන්නේ මෙලෙසය.

ඇපලෝ 11     :"ඒවා හරි විශාලයි..මේක දෘෂ්ටි මායාවක් නොවෙයි..එත් දෙයියනේ මේක කව්රුවත් විශ්වාසකරන එකක් නැ.."
පාලක මැදිරිය   :"මොකක්.....?මොකක්ද ඔතන සිද්ද වෙන්නේ? මොකක්ද ඇතිවෙලා තියෙන ප්‍රශ්නය?"
ඇපලෝ 11         : " මෙතන මොකක්දෝ අමුතු දෙයක් තියෙනවා.."
පාලක මැදිරිය    :  "  මොනවාද  තියෙන්නේ? (සම්ප්‍රේක්ෂණ බාදාවක් ඇතිවේ) බාධා උනා.... අපලො11 ,පාලක මැදිරිය කතා කරනවා ."
අපලො11           :  "අපි ආගන්තුකයෝ පිරිසක් දැක්කා...... ඔවුන් ටික වෙලාවක් එතන ඉදගෙන උපකරණ වගයක් පරික්ශා කළා."
පාලක මැදිරිය     :  ඔබගේ අවසන් වැකිය නැවත කියන්න....
ඇපලෝ 11         :    කිවේ අපි තවත් අබ්යවකාශ යානයක් දැක්කා කියල . එක මේ අවාටයේ අනික්පත්තේ නවත්තලා  
පාලක මැදිරිය      : නැවත කියන්න. නැවත කියන්න.
ඇපලෝ 11          :  අපි මේ ගැන විමසිලිමත් වෙමු . මම ස්වයංක්‍රිය ප්‍රතිවාදන මෙවලම සම්බන්ද කළා.දැන් නම් මගේ අත්දෙක වෙව්ලනවා. මට කිසිම දෙයක් කරන්න බැ .... දෙවියනේ....                                    මේ කැමරාව වැඩ කරන්නෙත් නැනේ. කිසිම දෙයක් රූ ගත කරන්නත් බැ. අපි මොකද දැන් කරන්නේ?
පාලක මැදිරිය       : ඔබට සිද්දිය ගැන මොනවා හරි සාක්ෂියක් ලබාගන්න පුළුවන් උනාද?
ඇපලෝ 11           :  එහෙම කිසිම දෙයක් නැහැ.. ඒ පියාබන පිරිසියේ හරි වෙන මොකේ හරි ජායාරුප 3ක් ලභාගතත් මොන යම් හේතුවකින් හරි ඒවත් විනාශ වෙලා තියෙනවා ..
පාලක මැදිරිය       : ඔබට ම ඇහෙනවද?මොකක්ද ඔය ගාලගෝට්ටියක් ඇහෙන්නේ?අර අත්බුත වස්තුවෙන්ද? අවසානයි.
ඇපලෝ 11            : ඒ යානය මේ ලග තැනකට ගොදබස්සා .එතන ඉදන් ඔවුන් අපිව නිරීක්ෂණය කරනවා..
පාලක මැදිරිය       : නිරීක්ෂණ දර්පන කොහෙද? ඔබ ඒවා සවි කලාද?
අපලො11              : ඔව්. අපි ඒවා නියම තැන් වල සවි කළා . ඒ වුනත් මේ අත්භූත යානාවේ ඉන්න අය නියත වශයෙන්ම ඒවා ඓන් කරන්නට පුළුවන් .

         Kristopher Kraft මෙම හෙළිදරව්වත් සමග නියත වශයෙන් ම මිනිසාගේ සඳ තරනයකිරීමේ වැඩසටහන පිලිබදව චන්ද්‍රයාගේ හෝ එවන් වෙනත් ස්ථානයක සිටින පාරබෞනිකයන් පිරිසක් විසින් ඒ සියලු ක්‍රියාකාරකම්  නිරීක්ෂණය කරමින් සිටින බව පැහැදිලිවිය.





     

Friday, October 25, 2013

හදුනා නොගත් පියාබන වස්තු දර්ශනය වීමේ ඉතිහාසය
                         ප්‍රවාද සහ ඓතිහාසික පුරා වෘත්ත ගැන සලක බැලු විට මෙවැනි වස්තු දර්ශනය විඉමේ සංසිද්දී වලට ඇත්තේ දීර්ග ඉතිහාසයක් බව පෙනේ . ඒ අතරින් පහත සදහන්  කරුණු පිළිබද අපගේ අවදානය යොමු කිරීමෙන් එහි ඇති සත්‍යතාව පැහැදිලි වේ .
ඉපැරණි රෝම ලේකනයක් වන 'එස්කිල් ග්‍රන්ථය ' (Book Of Ezeleil) හි අහසේ පාවී ගිය කරාත්ත රෝදයක් තුල වූ තවත් රෝදයක් ගැන විස්තර කර ඇත .
  • ක්‍රිස්තු පුර්ව 329 දී මහා ඇලෙක්සැන්ඩර් අදිරාජයා (Alexander The Great) ගේ සෙබළුන් විසින් අහසේ පාවී ගිය රිදී පැහැති පලිහ දෙකක් නිරීක්ෂණය කරන ලද බව සදහන් වේ.
  • ලතින් ඇමරිකානු ශිෂ්ටාචාරයක් වූ 'ඉන්කාවරුන් '(Incas) විසින් නිපදවන ලද පිගන් භාණ්ඩ අතර පියාබන පීරිසි හා පාරබෞමික පිළි රූ දක්නට ඇත.
  • ඉන්කා පිගන් මැටි භාණ්ඩ
    පිරු දේශයේ වසර 2000 ක් තරම් පැරණි ශිෂ්ටාචාරයකට අයත් වූ 'ඉකා'පාෂාණ (Ica Stone) වල ඇදි සිතුවම්වල ද මෙවැනි ගිප්ත යානා ඇත.
  • පිරු රටෙහි පවතී ආදී ශිෂ්ටාචාරයක් හා සබැදි,කාන්තාර භූමියක ඇද ඇති වසර දහස් ගණනක් පැරණි සුප්‍රකට 'නස්කා රේඛා'(Nazca Lines) නමින් හැදින් වෙන විශ්මය ජනක රූ සටහන් අතරද ' ආදී අජටාකාෂගාමියෙකු '(Ancient Astronaut) හා පිටසක්වල ජීවීන්ගේ යි සැලකෙන සටහන් රැසක් ඇත .
නස්කා රේඛාකිහිපයක්,අභ්‍යාවකාශ යානා ධාවන පත
                                 මෙම රුප සටහන් අදින ලද්දේ කව්රුන් විසින් , කුමක් අරඹය ද යන්න පැහැදිලි විවරණයක් කර නැතත් ඒවායේ නියම රූපකාය හදින ගැනීමට නම් පොලවේ සිට කිලෝමීටර ගණනාවක් ඉහල අහස්තලයට නැගගත යුතුව ඇත. මෙම රූ සටහන් මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ දෙවන ලෝක යුද්ද සමයේදී එම ප්‍රදේශයට ඉහලින් පියාසර කල හමුදා ගුවන්යානයකින් බව ඓතිහාසික මුලාශ්‍රවල සදහන් වේ.කෙසේ නමුත් දැන් බොහෝදෙනෙක් පිළිගන්න මතය වන්නේ නස්කා රේඛා යනු පාරබෞමිකයන් හෝ ඔවුන් සමග සම්බන්දතා දැක්වූ ගෝත්‍රික ජන කොට්ටාශයක් විසින් කාන්තාර බිමේහි කොටා ඇති සිතුවම් වන අතර ඒවා එකල පෘතුවියට පැමිණි පාරබෞමිකයන්ගේ යානා ගොඩබැස්සවීම සදහා යොදාගත් 'මං සලකුණු'(Land Marks)  විය හැකි බවයි.
                                  මෑත ඉතිහාසය දෙස බලන විට මෙවැනි  ගුප්ත වස්තුන් දර්ශනය වීම ද වසර 800 ක පමණ අතීතයට දිවෙයි.පහත දැක්වෙන විස්තර මේ සදහා ඇති ප්‍රබලම සාක්ෂි සේ පෙන්වා දිය හැක.

  • ක්‍රිස්තුවර්ෂ 1235 දී ජපානයේ 'ඔරිට්සුමි (Oritsumi)හමුදා සේනාංකයේ සෙබළුන්ට අහස්කුස පාවෙමින් තිබුන  අත්භූත වස්තුවක් දර්ශනය වූ බව වාර්තා වල සදහන් වෙයි.
  • 'වොසොකි ඩේකානි ' අල්තාරයට ඉහලින් අඳි ඇති රුප



  • යුගොස්ලෝවකියාවේ කොසොවෝ ප්‍රාන්තයේ 'වොසොකි ඩේකානි' දේවස්ථානයේ (Vosoki decani monastery)අල්තාරයට උඩින් ඇඳ ඇති පහත දැක්වෙන සිතුවම් හදුනා නොගත් පියාබන වස්තු සදහා වූ කදිම නිදසුනකි. මෙම රූ සටහන් අද ඇත්තේ ක්‍රි.ව 1350 දිය.









කැමති නම් Comment එකක් දමා යන්න අමතක කරන්න එපා....
හදුනා නොගත් පියාඹන වස්තු

                              පීරිසියක් මත කෝප්පයක් යටි අතට හැරෙව්වා වැනි හැඩයක් ඇතිව අහස කුස සැරිසරන  අත්භූත වස්තු සාමාන්‍ය ව්‍යවහාරයේදී " පියාඹන පිරිසි " (Flaying saucers) යනුවෙන් හැදුන්වයි.එහෙත් විද්‍යාත්මක භාශිතයේදී ඒවා සැලකෙන්නේ  "  හදුනා නොගත් පියාඹන වස්තු "  (Unidentified Flying Objects =UFOs) ලෙසින්ය වඩාත් සවිස්තරව පවසන්නේ නම් මිහිමත සිටින ජීවීන්ගේ නිර්මාණයක් නොවන එහෙත් අහස් කුසේ සක්‍රියව ගමන් කරන දීප්තිමත් හෝ ආලෝකය විහිදුවන වස්තුන් හදුනා නොගත් පියාඹන වස්තු ලෙසින් හදුන්වයි
2001 දී ඇමරිකාවේ නිව් පර්සි වැසියන් දුටු පියාඹන පිරිසිය
                                බොහෝදෙනා විශ්වාස කරන්නේ මෙම වස්තු පිටසක්වල වෙසෙන ජීවීන්' විසින් විශ්වය පුරා සැරිසැරීමට භාවිත කරන " යානා " විශේෂයක් ලෙසය .එහෙත් තාරක විද්‍යාඥයින් ඇතුළු ඇතැම් විද්වතුන්  පවසන්නේ මේවා අත්බුජනක සමුහයක් වන නමුත් පිටසක්වල වාසින් හෙවත් ' පාරබෞමිකයන් '(Aliens) විසින් පරිහරණය යානා සේ සැලකීමට සාධක නොමැති බවයි.